මේ වන විට රට පුරා දිගින් දිගටම සිදුවන පරිසර හානි සම්බන්ධයෙන් සොයා බලා ඒ් පිළිබඳව රට හමුවේ තැබීම, සමාජවාදී තරුණ සංගමය විසින් සිදු කරමින් සිටි. තණමල්විල දහයියාගල රක්ෂිතය තුළ සිදුවන පරිසර විනාශය පිළිබඳව යළිත් සොයා බැලීම සඳහා ඊයේ දින (මාර්තු 25) අප සංවිධානයේ සාමාජිකයන් පිරිසක් එහි ගියහ. ඒ්වන විටද යළිත් වරක් එම ප්‍රදේශ ඩෝසර් කරමින් විශාල පරිසර හානියක් සිදුකරමින් ඇත. උමා ඔය ව්‍යාපෘතියට අදාල බැම්මක් ඉදිකිරීම සඳහා පස් කැපීම සිදු කරන ස්ථානයක් හා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරියෙකු විසින් හෝටලයක් ඉදිකිරීමේ අරමුණෙන් ඉදිකෙරෙන ගොඩනැගීමක්ද අප හට දක්නට ලැබිනි. කෙසේ වෙතත් මේ විනාශ කරනු ලබන්නේ දහයියාගල රක්ෂිතයේ භූමියයි. රටේ පරිසර විනාශයක් නොවන බව පවසන ආණ්ඩුවේ නායකයන්ගේ අවධානයට මෙම විනාශය පරිසර විනාශය ලක්වනු ඇතැයි අප විශ්වාස කරමු…..