තරුණ ගැටලූවලට විසඳුම් ලබාගැනීම වෙනුවෙන් මාර්තු 05 සිට තරුණ උද්ඝෝෂණ මාලාවක් පවත්වන බවත් මෛතී‍්‍ර-රනිල් හවුල් ආණ්ඩුව බලයට පත්විලා තරුණ තරුණියන්ට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නැතිබවත් සමාජවාදී තරුණ සංගමය විසින් අද (මාර්තු 01) දින පැවැති මාධ්‍ය හමුවේදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා පැවසීය. එහි දී වැඩිදුරටත් පැවසූ එරංග ගුණසේකර සහෝදරයා
“මෛතී‍්‍ර-රනිල් හවුල් ආණ්ඩුව බලයට පත්වුණේ තරුණ තරුණියන්ට විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් දීලා. ඔවුන් බලයට ඇවිත් දැන් වසර දෙකකට වැඩි කාලයක් ගත වුණත් තරුණ තරුණියන්ට ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු කරන්න වැඩ පිළිවෙළක් හදලා නැහැ. තරුණයන්ට දුන්නු පොරොන්දු එසේම තිබියදී ඔවුන්ට අවශ්‍ය දේවල් විතරක් ආණ්ඩුව කරගෙන යනවා.
තරුණ තරුණියන්ට රැකියා දශලකෂයක් ලබාදීම මේ ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක්. නමුත් මේ වනතෙක් එක් තරුණයෙකුට හෝ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරගන්න බැරිවෙලා තිඛෙනවා. අපේ රටේ ජනගහනයෙන් ලකෂ 70ක් පමණ තරුණ තරුණියන් නියෝජනය කරනවා. ඉන් ලකෂ 31ක් විරැකියාවෙන් පෙළෙනවා. සාමාන්‍යයෙන් වසරකට ලකෂ 3ක් පමණ තරුණ තරුණියන් ප්‍රමාණයක් රැකියා වෙළඳපොළට එක් වෙනවා. එම පිරිසට රැකියා ලබාදීමේ කිසිදු සැලැස්මක් මේ ආණ්ඩුවලට නැහැ. නිල ලේඛනවලට අනුව සාමාන්‍යයෙන් රජයේ සේවය සඳහා බඳවා ගන්නේ 60,000ක පමණ ප්‍රමාණයක්. පෞද්ගලික අංශයට සාමාන්‍යයෙන් බඳවා ගැනෙන්නේ 35,000ක පමණ ප්‍රමාණයක්. ඒ වගේම විදේශ රැකියා සඳහා 35,000කට පමණ අවස්ථාව ලැඛෙනවා. එහෙම ගත්තාම 130,000 කට පමණ තමයි රැකියා අවස්ථාවන් ලැඛෙන්නේ. ඉතිරි ප්‍රමාණය විරැකියා ගොඩට එකතු වෙනවා. නමුත් ආණ්ඩුව දිගින් දිගටම දේශපාලන පත්වීම් ලබාදෙමින් තමන්ගේ හිතවතුන්ට සලකන එක දිගටම කරගෙන යනවා. පසුගිය දවසක සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සියඹලා ගස්යට තමන්ගේ හිතවතුන්ට රැකියා ලබාදෙන අවස්ථාවක් අපිත් මාධ්‍යයට හෙළිදරව් කළා. ඊට අමතරව අපි ඒ සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළා. නමුත් එම සිදුවීම සම්බන්ධව කිසිදු පරීකෂණයක් මේ වනවිට කරලා නැහැ. ඒ වගේම මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වුණු ලකෂ්මන් කිරිඇල්ල උපදේශකයෝ 56ක් සම්බන්ධීකරණ ලේකම්වරු 94ක් පත්කර ගත්තා. ඒවා සම්බන්ධව ආණ්ඩුව කිසිදු කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. මේ ආණ්ඩුව විරැකියාවෙන් සිටින තරුණ තරුණියන්ගේ බලාපොරොත්තුත් එක්ක සෙල්ලම් කරන තත්වයක් උදාවෙලා තිඛෙනවා.
මේ ආණ්ඩුව රැකියා දසලකෂයක් ලබා දෙනවා කියලා දැන් වසර 2ක් ගෙවිලා ගිහින් ඉවරයි. මේ ආණ්ඩුවට තිඛෙන්්නේ තවත් වසර 3ක් පමණයි. රැකියා දශ ලකෂය කොහොමද දෙන්නේ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට බල කරනවා විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්නට රැකියාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන්න කියලා. එතෙක් රැකියාවක් නොමැති තරුණ තරුණියන්ට මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කරන්න කියලා අපි ආණ්ඩුවට බලකර සිටිනවා.
ඒ වගේම තමයි තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය කියන්නේ ඔවුන්ගේ ජීවිතයෙන් කොටසක්. හරිහැටි අධ්‍යාපනයක් නොමැතිනම් තරුණයන්ගේ ජීවිත අමාරුවේ වැටෙනවා. සාමාන්‍යයෙන් වසරකට ලකෂ 3ක් පාසැල් අධ්‍යාපනයට ඇතුළත් වෙනවා. ඉන් 60,000ක් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපනයෙන් ඉවත් වෙනවා. එම තරුණ තරුණියන් රටේ සංවර්ධනයට උරා ගැනීමට මේ ආණ්ඩුවලට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. වාර්ෂිකව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් 250,000කගෙන් 150,000ක් පමණ උසස් පෙළ සමත් වෙනවා. ඉන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් විය හැක්කේ සිසුන් 25,000කටත් අඩු ප්‍රමාණයකට පමණයි. අපේ රටේ තිඛෙන අධ්‍යාපන කි‍්‍රයාවලිය ඇතුළේ බොහෝ පිරිසකට සිදු වෙන්නේ අධ්‍යාපනයෙන් පිටමං වීමක්. රාජ්‍ය අධ්‍යාපනයට එහෙම වෙද්දී සයිටම් ආයතන වගේ හොර උපාධි කඩ අපේ රටේ පවත්වාගෙන යන්න අවස්ථාව ලැබිලා තිඛෙනවා. ඒ හොර උපාධි කඩය මගින් රට තුළ පත්තු කරන්න ගිය බෝම්බ ඔවුන්ටම පත්තු වෙලා ඉවරයි. අපි ආණ්ඩුවට බලකරනවා මෙම සයිටම් හොර උපාධි කඩය වහාම අහෝසි කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි සමීර සේනාරත්න සහ සයිටම් ආයතනයේ ප්‍රධානියා වහාම අත්අඩංගුවට ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. ජනාධිපතිරවයා කියලා තිබුණා සයිටම් ප්රශ්නය හැමෝටම සාධාරණ ලෙස විසඳීමට තීරණයක් ගන්නවා කියලා. අපි ජනාධිපතිතුමාගෙන් අහනවා මේ හොර ගුහාවට සාධාරණයක් වෙන්න තීන්දුවක් ගන්නේ කොහොමද කියලා. ඒ නිසා කල් මරන්නේ නැතිව මේ හොර උපාධි කඩය වහලා දාන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.
මේ ආණ්ඩුව බාහිර උපාධිය අහෝසි කරන්න කියලා ගැසට් පත්‍රයක් නිකුත් කරලා තිබුණා. සමාජවාදී තරුණ සංගමය ලෙස අපිත් තවත් සංවිධාන කිහිපයකුත් ඊට එරෙහිව විශාල අරගලයක් සිදුකළා. එම අරගලය සැලකිය යුතු ජයග්‍රහණයක් ලබාගන්න අපිට පුළුවන් වුණා. කැළණිය විශ්වවිද්‍යාලයට නව සිසුන් කණ්ඩායමක් බඳවා ගැනීමට ගැසට් පත්‍රයක් නිකුත් කරවා ගැනීමට අපිට හැකිවුණා. නමුත් බාහිර උපාධිය අහෝසි කරන්න යන ආණ්ඩුවේ උත්සාහය තවමත් එසේම තිඛෙනවා. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා ලංකාවේ දුප්පත් අම්මා තාත්තගේ දරුවන්ට සුළු මුදලක් වියදම් කරලා අධ්‍යාපනය ලබාගැනීමට තිඛෙන බාහිර උපාධි අධ්‍යාපන අවස්ථාව අහෝසි කරන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ රාජ්‍ය විශ්විද්‍යාල ආරම්භ කොට තරුණ තරුණියන්ගේ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව හදලා දෙන්න කියලා මේ ආණ්ඩුවට අවධාරණය කරනවා.
ඒ වගේම මේ ආණ්ඩුව තරුණ තරුණියන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත්වෙලා තිඛෙන දුරකතන හා අන්තර්ජාල පහසුකම් සඳහා විශාල බද්දක් පනවලා තිඛෙනවා. දුරකතන ගාස්තු සඳහා 49.73% ක බද්දක් පනවලා තිඛෙන අතර අන්තර් ජාල පහසුකම් වෙනුවෙන් 44%ක බද්දක් අයකර ගන්නවා. ෆී්ර වයිෆයි දෙන්න ආපු ආණ්ඩුව ඉන්ටනෙට් ගාස්තුවලට බදු ගහන්න පටන් අරගෙන. වයිෆයි කලාපවල අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. අපි ආණ්ඩුවට බල කරනවා අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙලා තිඛෙන දුරකතන හා අන්තර්ජාල පහසුකම්වල බදු වහා අඩු කරන්න කියලා.
මේ දවස්වල විශාල කතාබහක් මතුවෙලා තිඛෙනවා ෆුල් ෆේස් හෙල්මට් තහනම පිළිබඳව. නිමල් සිරිපාල ඇමතිවරයා පසුගිය පෙබ. 23වැනිදා ෆුල්ෆේස් හෙල්මට් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිඛෙනවා. එම ගැසට් නිවේදනය නීති විරෝධීව තමයි නිකුත් කරලා තිඛෙන්නේ. මොකද 2015 අගෝස්තු මාසයේ ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීම අත්හිටුවලා අධකරණයෙන් නියෝගයක් පනවලා තිඛෙනවා. එසේ තිබියදී නිමල් සිරිපාල ඇමතිවරයා මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තිඛෙන්නේ. ගැසට් එක ගහන්න කලින් ඇමතිවරයාට මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න තිබුණා. උපදේශකයොත් එක්ක සාකච්ඡා කරන්න තිබුණා. දැනට තිඛෙන දත්ත අනුව මාර්ග අනතුරුවලින් දිනකට 09 දෙනෙකු මරණයට පත්වෙනවා. ඉන් 04 දෙනෙකුම මිය යන්නේ යතුරු පැදි අනතුරුවලින්. 2014 සංඛ්‍යා දත්ත අනුව යතුරුපැදි අනතුරු 845ක් වාර්තා වෙලා තිඛෙනවා. සාමාන්‍යයෙන් මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් යතුරු පැදි අනතුරුයි. මේ නිසාම ෆුල් ෆේස් හෙල්මට් සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණ සිදුකරලා තිඛෙනවා. ජර්මනියේ මහාචාර්යවරයෙක් කරන ලද සමීකෂණයකට අනුව ෆුල්ෆේස් හෙල්මට් එකේ මුහුණේ නිකට ආශි‍්‍රත ප්‍රදේශය ආවරණය වන කලාපයෙන් 50%ක ආරකෂාවක් ලැඛෙනවා කියලා තහවුරුවෙලා තිඛෙනවා. එම නිසා ෆුල්ෆේස් හෙල්මටයක් මගින් යතුරුපැදි කරුවෙකුට සැලකිය යුතු ප්‍රමාණයක ආරකෂාවක් ලැඛෙනවා. නිමල් සිරිපාල ඇමතිවරයා තරුණ තරුණියන් ආරකෂා කරන පැත්තේ නම් ෆුල්ෆේස් හෙල්මටයක ආරකෂාව ගැන මීට වඩා අධ්‍යයනය කළ යුතුව තිඛෙනවා.
මෙම ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරන්න ආණ්ඩුව ගේන තර්කය තමයි එය පැළඳ සොකරම්වල යෙදෙනවා කියන කාරණය. ඒ තර්කයට අනුව නම් සියදිවි හානි කරගන්න පසුගිය දවස්වල සාරි භාවිතා කරලා තිබුණ නිසා ආණ්ඩුව සාරි අඳින එකත් තහනම් කරනවාද? සියදිවි හානි කරගන්න ඇතැම් පුද්ගලයින් රේල් පීලිවලට ඛෙල්ල තියන නිසා ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල රේල් පීලි ගලවනවාද? පසුගියදා බන්ධනාගාර බස් රථයකට පොලිස් ඇඳුමින් සැරසී ඇවිත් පිරිසක් වෙඩි තැබූ නිසා ආණ්ඩුව පොලිස් ඇඳුම තහනම් කරනවාද? කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාව සිදුකළේ ටයි කෝට් ඇඳගෙන නිසා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ටයි කෝට් අඳින්නේ නැතිව ඉන්වාද? ඒ නිසා මේ ආණ්ඩුව ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට ගෙන එන තර්කවල කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. එනිසා මෙම ගැසට් නිවේදනය අවලංගු කළ යුතුයි. එසේ නොමැති නම් තරුණ තරුණියන්ගේ ආරකෂාව වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කරන්න කි‍්‍රයාමාර්ග ගන්න අපි සූදානමින් ඉන්නවා.
මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති බිහිරි අලියන් වගේ. බිහිරි අලියන්ට ඇහෙන්න විශාල සද්දයක් ඕන වෙනවා. ඒ නිසා තරුණ තරුණියන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න කියලා මේ ආණ්්ඩුවට බල කරමින් උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග ගැනීමට සමාජවාදී තරුණ සංගමය තීරණය කොට තිඛෙනවා. මාර්තු 05 සිට අප්‍රේල් දක්වා රට පුරා තරුණ උද්ඝෝෂණ මාලාවක් කි‍්‍රයාත්මක කරන්න මේවනවිට කටයුතු සංවිධානය කොට තිඛෙනවා. එම උද්ඝෝෂණ මාලාව මාර්තු 05වැනිදා තංගල්ලෙන් පටන් ගන්නවා. විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙන ලෙසත් විරැකියාවෙන් සිටින තරුණ තරුණියන්ට දීමනාවක් ලබාදෙන ලෙසත් බාහිර උපාධිය අහෝසි නොකරන ලෙසත් රාජ්‍ය විශ්වවිද්‍යාල ස්ථාපිත කොට අධ්‍යාපනය පුළුල් කරන ලෙසත් ෆුල්ෆේස් හෙල්මට් තහනම ඉවත් කරන ලෙසත් සයිටම් උපාධි කඩය වහා අහෝසි කරන ලෙසත් මේ ආණ්ඩුවට බලපෑම් කරමින් මෙම උද්ඝෝෂණ මාලාව දියත් කරනවා. සමාජවාදී තරුණ සංගමය ලෙස අපි රටේ සියලූම තරුණ තරුණියන්ටත් බහුජන සංවිධානවලටත් විවෘත ආරාධනයක් කරනවා රටේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් ලබාගැනීම සඳහා අරගලයකට සූදානම් වෙන්න කියලා.”
මෙම මාධ්‍ය සාකච්ඡාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සංජය විශ්වනාත් සහ නදීකා හේමමාලි යන අයද සහභාගි විය.