වැලන්ටයින් දිනය නිමිත්තෙන් පෙබරවාරි 14 දින සමාජවාදී තරුණ සංගමය විසින් මෙවරත් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. එහි තේමාව වූයේ “ආදරයට මිලක් නැති, දෑවැදි නැති, කුලමල නැති හෙටක්” යන්නයි. ඒ යටතේ දිවයින පුරා අත්පත්‍රිකා ඛෙදාහරිමින් හා වීදිනාට්‍ය ඉදිරිපත් කරමින් ජනතාව දැනුවත් කරන ලදී. එහි ප්‍රධාන වැඩසටහනට සහභාගී වෙමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර “ආදරයේ දුම්රියේ” නැගී සමාජවාදී තරුණ සංගමයේ සාමාජික සාමාජිකාවන් මාතර බලා ගමන් ගත්හ. එදින සවස මාතර වෙරළ තීරයේ දී ගීත ප්‍රසංගයක් හා දේශන කිහිපයක්ද පැවැත්විය.

