පලස්තීනයට ජීවත්වීමට ඉඩදෙනු!

නොවැම්බර් 29 දිනට යෙදී ඇති ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනය වෙනුවෙන් සහයෝගය පල කෙරෙන බැනරය අත්සන් කිරීම අද දින ( 26 ) සමාජවාදී තරුණ සංගමය විසින් කොම්පඤ්ඤවීදිය ජුම්මා මස්ජීඩ් පල්ලිය අසලදී සිදු කෙරුනි.

නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ලෝකයේ රටවල් 138 සහයෝගය ලැබී තිබෙන අතර 1948 සිටම ශ්‍රීලංකාවද පලස්තීනයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනීසිටිමින් සිටී. මෙම ගැටුම ක්‍රිස්තියානි හා ස්ලාම් ගැටලුවක් ලෙස හුවාදැක්වීමට සමහර පිරිස් උත්සාහ කලත් පාප්වහන්සේ ද නිදහස් පලස්තීන ප්‍රතිපත්තිය පිළිගෙන ඇත. මෙම ගැටුම නිසා පලස්තීනය මෙන්ම ඊශ්‍රායෙල් ජනතාව විශාල වශයෙන් මේ වන විට පීඩාවට පත් වෙමින් සිටී. පලස්තීනයට ජනතාවට නිදහස් පලස්තීනයකුත් ඊශ්‍රායෙල් ජනතාවට නිදහස් ඊශ්‍රායලයෙකුත් සඳහා මුළු ලෝකයම එකග වගේම සමාජවාදී තරුණ සංගමය ද මේ සඳහා සහයෝගය පලකරයි.

නිදහස් පලස්තීනයට එරෙහිව කරන අධිරාජ්‍ය විරෝධී අත පෙවීම් නතර කරන ලෙසත් , ඊශ්‍රයලයේත් පලස්තීනයේත් ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ දෙන දිය යුතු බවත් ඒ සඳහා සහයෝගය පතා රට පුරා විවිධ වැඩසටහන් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කර ඇත.  එහි ප්‍රධාන වැඩසටහන කොළඹදී අද පැවැති අතර එම අවස්ථාවට පලස්තීන තානාපති හම්දුල්ලා සයිඩ් මහතාද සහභාගි විය. මෙහි දී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා අදහස් දැක්විය.