පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශයට මාස 6 යි

පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශයට මාස 6 ක් ගතවී ඇතත් තවමත් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධව සිය විරෝධය පල කිරීමට සමාජවාදී තරුණ සංගමයේ සහෝදර සහෝදරියන් අද දින (19) නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණයහ. මීට පෙරාතුවද මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස බලකෙරෙමින් සමාජවාදී තරුණ සංගමය විසින් අදාල අමාත්‍යවරයාට ලිපියක් භාර දුන්නද තවමත් ඒ සම්බධයෙන් කිසිදු දැනුවත් කිරීමක් හෝ නොකල බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය. විරෝධතාවය අවසානයේ පා ගමනින් අමාත්‍යංශය අසලට ගොස් වගකිව යුතු නිළධාරීන් හමුවිය යුතු වග එරංග ගුණසේකර සහෝදරයා ප්‍රකාශ කර සිටිද්දී පොලීසිය සමඟ උණුසුම් තත්වයක් ද එම අවස්ථාවේ ඇති විය …