ඇමරිකානු ඕම්ජීවා සමාගමට එරෙහිව අද (12) නොච්චියාගම නගරයේ පැවති විරෝධතාවය.මෙයට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර , සුරකිමු විල්පත්තුව සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සංජය විශ්වනාත් , තරුණ පරිසර ක්රියාකාරී සංසදයේ ලේකම් විමුක්ති රත්නමලල ,ජාතික භික්ෂු පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික් ලේකම් අගුනොච්චියේ කුමාර කාශප හිමි , පරිසරවේදී සජීව චාමිකර , සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර , රාජාංගනය දිරිය ගොවි පෙරමුණේ සභාපති තිලක් ලාල් මහත්මා ඇතුලු ගොවිජනතාවද, තරුණ තරුණයින්ද විශාල පිරිසක් සහභාගී විය.