හුස්ම පොද රැක ගනිමු

ඊයේ ( 24 ) පුත්තලම පොත්තුකුලම බිදුණු වැව අසල දී ආරම්භ කල මී පැල සිටුවීමේ වැඩසටහන ඉතා සාර්ථකව ආරම්භ කෙරුනු අතර මේ අවස්ථාව සමාජවාදී තරුණ සංගමයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සහෝදර සහෝදරියන් එක්ව සංවිධානය කර තිබුනි. මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා ,වයඹ හඬ පරිසර සංවිධානයේ කැඳවුම්කරු අජිත් ගිහාන් මහතා,හරිත පරපුර පරිසර සංවිධානයේ ලේකම් දිලංක සේනානායක මහතා සහභාගී විය.