ලංකාවේ ප්‍රථම Online විරෝධතාවය

පර්ල් නැවෙන් ඉන්දියන් සාගරයේ මුතු ඇටය විනාශයි. පරිසර අපරාධකරුවන් හෙලිකරනු! යන මැයෙන් ලෝක පරිසර දිනයට සමගාමීව Online විරෝධතාවයක් ඊයේ (05) දින සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්විය. එහිදි තරුණ තරුණියන් රැසක් විරෝධතා පුවරු ප්‍රදර්ශන කරමින් හා විරෝධතා චිත්‍ර ඇදීම ආදි අංගයන්ගෙන් යුක්තව මෙම අවස්ථාවට සම්බන්ධ විය. එහිදි තරුණ සංගමයේ හා විද්වතුන් කිහිපදෙනෙක් තම අදහස් ප්‍රකාශ කළේය.