පාසල් දරුවන්‌ට අත්වැළැක් වූ සයිප්‍රස් ආධාරය,

සමාජවාදී තරුණ සංගමය විසින් නොවැම්බර් 16 ඒනම් අද දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ පහළ මත්තල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට පොත් බෑග් සහ වතුර බෝතල් ලබා දීමේ වැඩසටහනක් පැවැත් විණි

සයිප්‍රස් කොමියුනිට්ස් පක්ෂයට අනුබද්ධ තරුණ සංවිධානයක් වන “එඩෝන් ” සංවිධානය හා අනුබද්ධිත ළමා සංවිධානයක් විසින් පසු ගිය කාලය තුලදී එකතු කල ආධාර මුදල් සමාජවාදී තරුණ සංගමය වෙත එවන ලද්දේ ආර්ථික පීඩාවෙන් මිරිකෙමින් සිටින දුශ්කරතාවයන් සහිතව අධ්‍යාපනය ලබන පාසල් හි දුවා දරුවන්ට අධ්‍යාපනය සදහා අවශ්‍ය උපකරණ ලබා දීමේ අරමුුුුුණ ඇතිව සහයෝගීතා වැඩසටහනක් වෙනුවෙනි.

මේ අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ ආසියා පැසිපික් කළාපයේ හිටපු සභාපතිනි මදූ කල්පනා සහෝදරිය සම්බන්ධ විය.