සයිප්‍රසයේ එඩෝන් ( EDON ) සංවිධානය සහ සමාජවාදී තරුණ සංගමය එක්ව නොවැම්බර් 09 වන දින ඒනම් අද දින පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ඇතුලු බඩු බාහිරාදිය ප්‍රමාණයක් ලබා දීමේ වැඩසටහනක් පැවැත්විණි.
මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා සහභාගී වූ අතර රෝහලෙහි පාලන අංශය වෙනුවෙන් වෛද්‍ය කපිල මහතා පැමිණ උපකරණ ඇතුළු භාන්ඩ භාර ගැනීම සිදු කලේය.