මැතිවරණය පැවැත්වීමට විරුද්ධව බාර දුන් පෙත්සමට SYU විරෝධය,

මැතිවරණය පැවැත්වීමට විරුද්ධව බාර දුන් පෙත්සමට එරෙහිව ඒය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ජනවාරි 13 වන දින අතර මැදි පෙත්සම් ඉදිරිපත් කළ නීතිඥ සුනිල් වටගල, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, පැෆරල් සංවිධානය ඇතුළු පාර්ශව කීපයක් වෙනුවෙන් ද නීතිඥවරු පෙනී සිටි අතර මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ගොනුකල අතරමැදි පෙත්සම් පිළිබදව විභාග කිරීම සිදු කෙරුණු අතර පෙත්සම සළකා බැළීම සදහා ජනවාරි 18 වන දින කැදවන ලෙස නියම කරන ලදී.

මැතිවරණය නොපවත්තන්නයි ඉල්ලා ගොනු කල පෙත්සමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ගොනු කල අතරමැදි පෙත්සම් ජනවාරි 18 වන දින විභාගය කිරීම සිදු කෙරුණු අතර මෙම අවස්ථාවේදී අතරමැදී පෙත්සම ඉදිරිපත් කළ නීතිඥ සුනිල් වටගල, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, මෙම මැතිවරණය පැවැත්වීමට විරුද්ධව බාර දුන් පෙත්සමට එරෙහිව පිළිබද විරෝධය පළ කරන ලදී. ඒහිදී පළ වූ අදහස් වූයේ කොමිසම ලෙස කිසිදු ගැටළුවකින් තොරව මැතිවරණයේ කටයුතු කරගෙන යාම‌ට හැකි බව සාලිය පීරිස් මහතා ප්‍රකාශ කර සිටි බවයි.