ණය බරට පරිසර පද්ධතිය හිලව් කරන කුමන්ත්‍රණය පරදවමු!

ණය බරට පරිසර පද්ධතිය හිලව් කරන කුමන්ත්‍රණය පරදවමු යන මැයෙන් අද දිින ඒනම් ජනවාරි 12 වන දින සමාජවාදී තරුණ සංගමය සහ අනෙකුත් පරිසර සංවිධාන එක්ව පරිසර අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත් වන ලදී‍.

මෙහිදී ලංකාවේ ස්වාභාවික වනාන්තර Debit For Nature ව්‍යාපෘතිය මගින් විදේශිය සමාගම් වලට විකුණා දැමීම පිළිබදව විරෝධය පළ කරමින් පරිසර ඇමති වෙත ලිපියක් පරිසර අමාත්‍යංශයේදී භාර දුන් අතර මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අන්ජන සම්පත් අමරසිංහ, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා නීතිඥ ශානිකා ද සිල්වා, සමාජවාදී තරුණ සංගමයේ කොළොන්නාව ආසන සංවිධායිකා නිල්මිණී ගර්ලැක් සහෝරියන් ඇතුළු සමාජවාදී තරුණ සංගමයේ සහෝදර, සහෝදරියන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.