කුරුණෑගල නගරයේ රජපිහිල්ල උද්‍යානයේ ගස් කපා ඉවත්කර british council ආයතනයේ ශාඛාවක් සැකසීමට, ලබාදීමට එරෙහිව අද දින (පෙබ. 03) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී . ඒ සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සංජය විශ්වනාත් සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක නිලන්ත බණ්ඩාර සහෝදරයා සහ කුරුණෑගල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී රනුක සනංජය සහෝදරයා සහභාගි විය.