ලෝකයේ එකම ගස රැක ගැනීම වෙනුවෙන්…

ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ ශ්‍රී ලංකාවට ආවේණික වූ .Crudia Zeylancica ශාකය අධිවේගී මාර්ගයකට බිලි වීමට ආසන්නව ඇති මොහොතක එය රැක ගැනීම වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමයත් , ජාතික භික්ෂු පෙරමුණත් අද එම ස්ථානය නිරීක්ෂණය කළේය. පරිසරවේදීන් පවසන්නේ, මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා අදාළ ශාකය පිහිටි බිම් ප්‍රදේශය වෙන් කර ඇති බවයි. ගම්පහ දිස්ත්‍රික් සමාජවාදී තරුණ සංගමයේ පරිසර ලේකම් චින්තක ප්‍රදීප් සහෝදරයා ප්‍රකාශ කළේ ” පරිසරය සුරැකීම වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු ආණ්ඩුවක් මෙවැනි පන්නයේ තීන්දු තීරණ ගන්නේ නම් ඒවා අනිවාර්‍යෙන් පරාජයට පත් කරන වගත් මෙම ගැටලුවට අමතරව ගම්පහ දිස්ත්‍රික්කය පුරා උද්ගතව ඇති පාරිසරික ගැටලු වෙනුවෙන් ඉතිහාසයේ මෙන්ම අනාගතයේදීත් මැදිහත් වන බවයි. “