ආදරේ කරන උන්ගෙ අයිතීන් වෙනුවෙන් වැලන්ටයින් සාමිවරයා දිවි පිදු දවස ඊයේ යෙදි තිබුණා. ඒ නිසාමයි පෙබරවාරි 14 වැලන්ටයින් දිනය කියලා නම්කරලම තියෙන්නේ.කොහොම වුනත් ඒ දිනය මුදලාලිලාගේ නම් සාක්කු පිරෙන දවසක්. මොකද ආදරවන්තයන් තම තමන්ගේ ආදරය සමරන්න විවිධ විවිධ විසිතුරු භාණ්ඩ මිලදීගන්න දවසත් දවස වෙලා තියෙන්නෙත් පෙබරවාරි 14යි. හැබැයි ආදරේ කියන්නේ ඉතාමත් මානුෂීය හැගීමකට. කිසිම වග විභාගයකින් තොරව , හැමදාම විදින්න, සමරන්න පුළුවන් පට්ටම හැගීමක් තමයි ආදරය කියන්නේ. නමුත් කණගාටුවට කරුණක් වන්නේ, ජාති, ආගම්, කුල, ලිංගිකත්වයත් මේ හැගීම ආමානුෂීය කරලා. තව ඒකට මිලකුත් නියම කරලා.ඒත් ඇත්ත ආදරේ මේක නෙවෙයි. මිලක්, දැවැදි, කුලමල කියන වෛරස්වලට කිසිම දිනක ඉඩනොදෙන ආදරේ තමයි සැබෑ ආදරය වෙන්නේ කියලයි සමාජවාදී තරුණ සංගමය වන අපි හිතන්නේ. අපි කියන්නේ. ඒ ආදරය විඳගැනීම වෙනුවෙන් කතාකරන්න “ආදරයට මිලක් නැති, දැවැදි නැති, කුලමල නැති හෙටක් වෙනුවෙන් ” අපි මේ පෙබරවාරි 14ත් එකතු වුණා. වෛරස් නැති ආදරයක් වෙනුවෙන් අපි හැමදාමත් මේ වගේ ඔබත් එක්ක ඉන්නවා. එන්න අපි ඒ ආදරය අපේ කරගමු.