රටම කතාවුණු කඳුතරණ පා පැදි තරගාවලිය,

සමාජවාදී තරුණ සංගමය සහ all rounders MTB Club එක්ව සංවිධානය කළ cross – country mountain bike championship තරගාවලිය ඊයෙ දින (2022 ඔක්‌තෝම්බර් 30) කැස්බෑව, කෝදුරාව downhill track හිදී ඉතා සාර්ථකව අවසන් විය. ඒ සදහා ගුවන් හමුදාව, පොලීසිය නියෝජනය කරමින් සහ රටේ විවිධ ප්‍රදේශ වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් සම්බන්ධ වූහ‍. ප්‍රථම වතාවට සමාජවාදී තරුණ සංගමය විසින් මෙවැනි ත්‍රාසජනක පා පැදි තරගාවලියක්ය සදහා දාකත්වය දැක්වූ අතර මීට ප්‍රථම ක්‍රිකට් ,ෆුට්බෝල්, වොලිබෝල් වැනි ක්‍රීඩා වලට මැදිහත්වීම් රාශියක් කර ඇත.

සයිකල් ස්පෝට්ස් වල ඉතිහාසය 1878 කාලයේ ඈතට දිවෙන, අතර මවුන්ටන් බයිසිකල් තරග ඉදිරියට අවේ 1978 දී පමණ පසුවය. 1996 දී MTB race ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට එක් කරන ලදී. ලොකයේ බොහෝ කලාප වල මෙම ක්‍රීඩාව ජනප්‍රිය වුවද MTB cycling sports අපේ රට තුළ ඉතා අඩුවෙන් ප්‍රචලිතව ඇති අතර මෙම ක්‍රීඩාව ලංකාව පුරා ව්‍යාප්ත කිිිිරීමේ අරමුණින් , මෙම තරගාවලිය සංවිධානය කළ අතර, ඊට අමතරව ක්‍රීඩාශීලී, සෞඛ්‍ය සම්පන්න ,අභියෝග වලට මුහුණ දිය හැකි තරුණ පරම්පරාවක් ගොඩනැගීමේ උත්සාහය සහ මත්ද්‍රව්‍ය වැනි විනාශකාරී උවදුරෙන් තරුණයා ගලවාගැනීමේ සදහා ඔවුන් ක්‍රීඩාවට යොමු කිරීම අරමුණු කරගෙන ඇත. මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා ‌ඇතුළු සමාජවාදී තරුණ සංගමයේ සාමාජික පිරිසක් සහභාගී විය.