SYU – කියුබානු ජනතාව වෙත තම සහයෝගය පළකරයි,

කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති අමානුෂික සම්බාධක වලට එරෙහිව සමාජවාදී තරුණ සංගමය විසින් සහයෝගීතා ප්‍රකාශනයක්, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්ෂෙලො ගොන්සාලෙස් මහතා වෙත ඔක්‌තෝම්බර් 27 දින කොළඹ කියුබානු තානාපති කාර්‍යාලයේදී බාරදෙන ලදි.

වසර 60කට වැඩි කාලයක් කියුබාවේ ජනතාවට එරෙහිව එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද අසාධාරණ සහ අමානුෂික අවහිර කිරීම් සමාජවාදී කියුබාවේ සංවර්ධනයට දැවැන්ත ලෙස බාධාවක් කර තිබේ . ඇමරිකා එක්සත් ජනපදය විසින් අත්තනෝමතිකව පවත්වාගෙන යන හා තව තවත් තද කරන ලද ආර්ථික, වාණිජ හා මූල්‍ය අවහිරකිරීම් වලට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය තුළ කියුබවට පක්ෂව ගෙන එන යෝජනාව 1992 වසරේ සිට අඛණ්ඩව 29 වතාවක් ජයග්‍රහණය කර තිබේ. මෑත වසර වලදී ගත්තොත් එම යෝජනාවට ආසන්න වශයෙන් සාමාජික රටවල් 190 කගේ ඡන්දය කියුබාව දිනා ගැනීමට සමත්වී තිබේ. එය ජාත්‍යන්තර දේශපාලනයේ විශිෂ්ඨ වික්‍රමයකි , ජයග්‍රහණයකි. සම්බාධකවලට ඉවත්කර ගැනීමේ සටනේ දැවැන්ත බලයකි.

මෙවරද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ එළඹෙන නොවැම්බර් 02 මෙම යෝජනාව විවාදයට ගැනෙන අතර ඒ සදහා ඡන්දයක් පැවැත්වීමටද නියමිතය . ඒ වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමයේත් ,සමාජවාදී ශිෂ්‍ය සංගමයේත් සහයෝගීතාව හා සුබ පැතුම් කියුබානු තානාපති වරයා වෙත ප්‍රකාශ කරන ලදි. මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා, නීතිඥ ශානිකා සිල්වා සහෝදරියත්, සහ කොළඹ දිස්ත්‍රික් සාමාජික මලින්ද ජීවන් සහෝදරයාත් එක්වුණි.