TUCC ඒකාබද්ධ ජනතා ව්‍යාපාර‌‌යෙන් දැවැන්ත විරෝධතා රැළියක්,

ඔක්තෝම්බර් 27 වන දින නිසි අතට රට ගැනීම තේමා කොට ගෙන බදු බර ඉහළ යෑම, රාජ්‍ය දේපළ විකිණීම සහ මර්දනයට ඒරෙහිව TUCC ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය මඟින් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණ රැළියක් කොළඹ හයිඞ් පාර්ක් පිටියේදී පැවැත්විණි.

එය කොළඹ ලිප්ටන් වට රවුමේ සිට හයිඞ් පාර්ක් පිටිය දක්වා විරෝධතා පා ගමනකින් එක් වූ අතර ඒ සඳහා වෘත්තීය සමිති, සිවිල් ක්‍රියාකාරිකයින්, බහු ජන සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, තරුණ සංවිධාන සහ කලාකරුවන් ඇතුළු සංවිධාන රාශියක් මේ සඳහා එක් වී ඇති අතර, පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමි, පූජ්‍ය ජීවන්ත පියතුමන්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත, TUCC ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, සමාජ ක‍්‍රියාකාරීණී ව‍්‍රායි බල්තසාර්, ගොල්පේපේස් අරගලකරුවන් නියෝජනය කරමින් පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමි, නීතීඥ මනෝජ් නානායක්කාර, කොළඔ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හිරැණ හෙට්ටිආරච්චී,‌ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්, ප්‍රගතිශීලී ස්ත්‍රී කමිටුවේ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, ප‍්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ඇතුළු බහුජන නායකයින් රැසක් මෙහිදී අදහස් දැක්වූ අතර මීට විශාල පිරිසක් ද සහභාගී විය.