33 වන ඉල්මහ විරු සමරු උළෙල විහාර මහා දේවි ඒළිමහන් රංග ශාලා‌‌වේදී,

33 වන ඉල්මහ විරු සමරුව හා සමරු ගී ප්‍රසංගය ඊයේ (නොවැ13) දින විහාර මහා දේවි ඒළිමහන් රංග ශාලා‌‌වේදී පැවැත් විණි‍.‌

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  සහෝදරයා, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මන්ඩල සභික විජිත හේරත් සහෝදරයා, ලාල් කාන්ත සහෝදරයා, බිමල් රත්නායක, සුනිල් හදුන්නෙත්ති සහෝදරයා, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික ජිනදාස කිතුලේගොඩ සහෝදරයා, නිහාල් ගලප්පත්ති සහෝදරයා, සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ සහෝදරිය, සමාජවාදී තරැණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණ‌සේකර සහෝදර, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදර, ඇතුළු සහෝදර සහෝදරියන් විශාල පිරිසක් මෙම විරු සමරුවට සහභාගී විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ව්‍යයසනය කලින්ම දුටු, එය වෙනස් කර යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමට දිවිහිමියෙන් සටන් වැදුනු, දිවිපිදු සදාදරණීය නායක රෝහණ විජේවීර සහෝදරයා, උපතිස්ස ගමනායක සහෝදරයා ප්‍රමුඛ ඉල්මහේ විරුවන් සිහිපත් කිරීම නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  සහෝදරයා මෙම සමුළු දේශනය ආමන්ත්‍රණය කරන ලදී.