මැතිවරණ කල් දැමීමට අර අදින රනිල්- රාජපක්ෂගේ ගැට හත ගැන එරංගගේ හෙළිදරව්ව ,

මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව විසින් ගන්නාවූ කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින ඒනම් ජනවාරි 20 දින අලුත් පියාපත් සංවිධානය මගින් පැවැත් වූ අතර මැතිවරණ කල් දැමීමට රනිල්- රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලබන කුමන්ත්‍රණකාරී ක්‍රියා පිළිබද ජනතාව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණු කර ඇත.

මෙම මාධ්‍ය හමුව සදහා අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකා ආචාර්‍ය කෞෂල්‍යා ආරියරත්න, අලුත් පියාපත් මෙහෙයුම් සාමාජිකයින් වන එරංග ගුණසේකර,ඩිලාන් නාරංගොඩ සහ ඉර්ෂාඩ් නියාස් යන අය සහභාගී විය

මෙම අවස්ථාවේදී මැතිවරණ කල් දැමීමට ගන්නා රනිල්- රාජපක්ෂගේ ගැට හත ගැන සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික එරංග ගුණසේකර අදහස් පළ කර සිටි අතර ඔහු තව දුරටත් කියා සිටියේ පොහොට්ටු මන්ත්‍රී සහ‌යෝගයෙන් තරුණ නියෝජනය වැඩි කිරීම, පළාත් පාලන ආයතන වල මන්ත්‍රීධූර 8000 ක පිරිස 4000ට අඩු කර ගැනිම නිසා මැතිවරණ කල් දැමීමට දරණ ප්‍රයත්න සියල්ලම පරාද කර ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කර ගැනීමට ක්‍රියාකිරීම අවශ්‍ය බවයි.