SYU Youth Club අපේ තැන..

පසුගිය අප්‍රේල් 9 වන දින අත්තනගල්ල අලවල දී  සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන්  SYU Youth Club පිහිටුවන ලද  අතර මේ සඳහා ප්‍රාදේශීය වශයෙන් තරුණ තරුණියන් රැසක් මෙම සමාජ කතිකාවතට එක්විය.

වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදුකරන ලද දූෂිත ක්‍රියා මාර්ග සහ රටේ සම්පත්, ඉඩම්, දේපල කොල්ල කෑමට එරෙහිව තරුණ තරුණියන් අඛණ්ඩව දැනුවත් කිරීම, ඒ සඳහා බලපෑම කිරීමට ඔවුන් දැනුමින් සන්නද්ධ කිරීම, සහ සංවිධානය වීම පිළිබඳ  සංවාදශීලී කතිකාවතක් පැවැත්විණි. තවදුරටත් එරංග සහෝදරයා කියා සිටියේ තරුණ තරුණියන්‌ රටේ ඉදිරි ගමන වෙනුවෙන් ප්‍රධාන කාර්ය භාර්යක් ඉටු කරන බවත් ඒ සදහා ඔබේ අවශ්‍යතාවය වැඩි වශයෙන් ලැබීමට සුදුසු කාලය පැමිණ ඇති බවත්‍‍, 74 වසරක කාලයක් ජනතාව රවටා සිදු කරන ලද දූෂිත පාලනය නිමා කිරීමට සැවොම අවදී වී පෙරට ආ යුතු බවත්ය.