මුහුදු මංකොල්ලකාරයින්ට ඒරෙහිව තවදුරටත් තොරතුරු සොයා,

සමාජවාදී තරුණ සංගමය විසින් අද දින ඒනම් අප්‍රේල් 28, මෙරට සාගරය තුල දී දැවී ගිනි බත් වූ X Press pearl නෞකාවෙන් වෙරළ කලාපයට, සාගරයට හා ධීවර ජනතාවට සිදුවූ හානිය පිළිබදව සකස් කල අන්තර් වාර්තාව පිළිබදව තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රතිපාදන හරහා තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය වෙත ගොස් ලිපියක් බාර දෙනු ලැබූහ.

මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ කොළඹ දිස්ත්‍රික් පාරිසරික ලේකම් මලින්ද ජීවන්ත සහෝදයා, පරිසර ක්‍රියාකාරී චමරු පතිරණ සහෝදරයා, සමාජ ක්‍රියාකාරිනී කුෂානි පෙරේරා සහෝදරිය සහ තවත් පරිසර ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියහ.