X press pearl වන්දියත්, මුහුදුබත්!

X press pearl නෞකාවෙන් ලැබිය යුතු වන්දි මුදල ගිල්වා දැමීමට පරිසර කොල්ලකරුවන්ට ඉඩ නොදෙමු ! යන මැයෙන් පසුගිය අප්‍රේල් 26 වන දින, සමාජවාදී තරුණ සංගමය සහ අනෙකුත් පරිසර සංවිධාන එක්ව සංවිධානය කල උද්ඝෝෂණය,   අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට දී සිදු කෙරිණි. 

මෙහිදී අධිකරණ අමාත්‍යවරයා වෙනුවට අතිරේක ලේකම් පරිපාලන රෝහණ මහතාට පෙත්සමක් භාරදීම ද සිදු කරන ලදී. තව දුරටත් ඔවුන් විමසා සිටියේ ලංකා ආණ්ඩු අධිකරණය තුළ නඩු පැවරීමට  X press pearl කමිටුව ඇතුලේ නිර්දේශයක් පැමිණ ඇතිමුත් ලංකා ආණඩු අධිකරණය තුළ නඩු නොදැමීමට හේතුව විමසා සිටි අතර, එතුමා ඒ බව නොදැන සිටියත් ඔහු පොරොන්දු වී සිටියේ මැයි මස 19 වන දිනට පෙර ඒ අදාල කරන අංශ සමග සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරන බවයි. තවදුරටත් ඔවුන් ඉල්ලා සිටියේ මැයි මස 19 වන දිනට පෙර ලංකා ආණ්ඩුව අධිකරණය තුළ නඩු දැමිය යුතු බවත්, ඒ සදහා අදාළ X press pearl කමිටු වාර්තාව එළි දක්වන ලෙස ද අදාළ බලධාරීන්ට බලකර සිටියහ.

මේ සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා මෙම විරෝධයේදී  අදහස් පළ කර සිටි  අතර රටේ තරුණ තරුණියන්ට මේ සඳහා දැනුවත් වීමට සහ අවදි වී අපේ රටේ සම්පත් කොල්ලකෑමට විරුද්ධව හඩක් නගමු ලෙස ඔහු ඉල්ලීමක් කළ අතර, සමාජවාදී තරුණ සංගමයේ සමාජ ක්‍රියාකාරී සහෝදර සහෝදරියන් රැසක්ද මෙම උද්ඝෝෂණයට සහභාගි විය.