Youth Club, ගමෙන් පටන් ගමු!


“ගමේ හැමෝටම එකතුවෙන්න, කතා කරන්න, ඉගෙන ගන්න, සංවිධානය වෙන්න, ගමේ වැඩේ කරන්න, මේ හැමදේම කරන්න කලියෙන් එකතු වෙලා කතා කරන්න තැනක් හදා ගන්න, ” යන තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය විසින් රට පුරා Youth Club පිහිටුවීම ආරම්භ කර ඇත.

පසුගිය මාර්තු 22 කොලොන්නාව ආසනයේ කොටුවිල කොට්ඨාසයේදී, අප්‍රේල් 9 වන දින අත්තනගල්ල අලවල දී, මැයි 13 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිල්ලගොඩ – බොරලුවල කොට්ඨාසයේ සහ බලගොල්ලාගම කොට්ඨාසයේ Youth Club පිහිටවූහ. මෙම අවස්ථාවන් සදහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා සම්බන්ධ වූ අතර Youth Club පිහටුවීමේ අවශ්‍යතාවය තරුණ, තරුණියන්ට පැහැදිලි කරන ලදී .

වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදුකරන ලද දූෂිත ක්‍රියා මාර්ග සහ රටේ සම්පත්, ඉඩම්, දේපල කොල්ල කෑමට එරෙහිව තරුණ තරුණියන් අඛණ්ඩව දැනුවත් කිරීම, ඒ සඳහා බලපෑම කිරීමට ඔවුන් දැනුමින් සන්නද්ධ කිරීම, සහ සංවිධානය වීම පිළිබඳ  සංවාදශීලී කතිකාවතක් පැවැත්විණි. තවදුරටත් එරංග සහෝදරයා කියා සිටියේ තරුණ තරුණියන්‌ “රටේ ඉදිරි ගමන වෙනුවෙන් ප්‍රධාන කාර්ය භාර්යක් ඉටු කරන බවත් ඒ සදහා ඔබේ අවශ්‍යතාවය වැඩි වශයෙන් ලැබීමට සුදුසු කාලය පැමිණ ඇති බවත්‍‍, 74 වසරක කාලයක් ජනතාව රවටා සිදු කරන ලද දූෂිත පාලනය නිමා කිරීමට සැවොම අවදී වී පෙරට ආ යුතු බවත්ය”.