ලොව විශාලතම තරුණ හා ශිෂ්‍ය සංවිධානය වන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) ආසියා- පැසිෆික් කලාපීය සමුළුව මැයි 15 සිට මැයි 17 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර ආසන්න චන්ද්‍රගිරිහිල්ස් හොටෙල් හිදී පැවැත්වුණි.
මෙම WFDY හි උප සභාපතීත්වය දරණ නේපාල කොමියුනිස්ට් පක්ෂයේ (UML) තරුණ සංවිධානය වන ජාතික තරුණ සම්මේලනයේ (NYFN) 34 වැනි සංවත්සර සමුළුව සදහා සමාජවාදී තරුණ සංගමයේ ඒහි ජාත්‍යන්තර කටයුතු ලේකම් අන්ජන සම්පත් අමරසිංහ සහෝදරයාත්, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සාමාජික සජිත් ශ්‍රීමාල් සහෝදරයාත් නේපාලයේ කත්මණ්ඩු නුවර ට්‍රිබුවාන් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත පසුගිය මැයි 15 දින ළගා වූ අතර නේපාල තරුණ සම්මේලනයේ ප්‍රධාන ලේකම් බිනේ ෂා සහ පළමු ලේකම් අමිත් ලාමා සහෝදරයින් විසින් පිළිගනු ලැබීය.
මෙම සමුළුවේදී කලාපයේ සාමාජික සංවිධාන අයත් රටවල් වල වර්ථමාන දේශපාලන තත්ත්වයන් පිළිබදව, හා කලාපීය වශයෙන් මතුවී ඇති දේශපාලන, ආර්ථික හා සාමාජීය අභියෝග පිළිබඳවත් සාකච්ඡා වුණි. අධිරාජ්‍යවාදී මැදිහත්වීම්, නව- ලිබරල් ආර්ථිකයේ විනාශකාරී තත්වයන්, අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලීකකරණය කිරීම හා කප්පාදුව, තරුණ විරැකියාව, පරිසර විනාශය වැනි ක්ෂේත්‍ර ඔස්සේ සංවාද කොට එම අභියෝගයන්ට මුහුණ දීම සදහා දේශපාලන යෝජනාවලියක් සකස් කොට සම්මත කර ගැනීමට හැකි වූ අතර ඉදිරි කාලය සදහා ඒ ඒ රටවල් වල හා කලාපීය වශයෙන් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරගැනීම ද එහිදී සිදුවිය .