SYU හා SSU සාමාජිකයින් කියුබාවට,

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) මහා මණ්ඩල සැසි වාරය මැයි 26 වන දින කියුබාවේ හවානා නගරයේදී පැවැත්විණි. මේ සදහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ‌දේවප්‍රිය සහෝදරයා, හා ඒහි ජාතික කමිටු සාමාජිකා කල්පනා මධුභාෂිණි සයෝදරිය සහභාගී වූහ.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ මීළග තරුණ සමුළුව පිළිබදව හා ලෝකයේ දේශපාලන තත්වය පිළිබදව මෙහිදී සාකච්ඡා කරන ලද අතර මෙම අවස්ථාවට සාමාජිකයෝ 100 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙහිදී කියුබාවේ විශේෂ ස්ථාන කිහිපයක් නැරඹිමට ඔවුන්ට අවස්ථාව සැළසුණු අතර කියුබානු ලතින් ඇමරිකා වෛද්‍ය විද්‍යාලය, කියුබාවේ මිනිස් සමූහය වශයෙන් ජීවත් වෙන ප්‍රාදේශික ගම්මානයක්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පැනමා සහයෝගීතා පාසල, කියුබානු විප්ලවීය චතුරස්‍රය, සහ ෆිදෙල් කස්ත්‍රෝ සංස්තෘතික මධ්‍යස්ථානය ඉන් කිහිපයකි. තවද කියුබානු වීරයෝ පස් දෙනාගෙන් කෙනෙකු වන Antonio Guerrero සහෝදරයාගේ හමුවීම සහ කියුබානු කොමියුනිස්ට් පක්ෂය සමග සුහද සාකච්ඡාවක් ද මෙහිදී සිදුවිය.