X Press Pearl වන්දියත් ගිල්වයි ද ?

රටම ගිල්වන, රනිල්- රාජපක්ෂ, X Press Pearl වන්දියත් ගිල්වයි ද ? යන මැයෙන් ජුනි මස 2 වන දින සමාජවාදී තරුණ සංගමය අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වී සිටියහ.

රනිල් – රාජපක්ෂ ආණඩුව විසින් වැරදි උසාවියක නඩු පවරා ඇතැයි ප්‍රකාශ කරමින් යට ගහන්නට උත්සහ දරන නැවේ වන්දිය  ඉල්ලා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා , සමාජවාදී  තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අන්ජන සම්පත් සහෝදරයා ඇතුළු SYU තරුණ තරුණියන් විසින් මෙම උද්ගෝෂණය සිදුකරන ලදී.