LGBTQ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ හිමිකම් සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලා සටන් වදින PRIDE මාසයේ, අද දින ඒනම් ජුනි මස 4 වන දින නිදහසේ අභිමානී පා ගමනක් විහාරමහා දේවී උද්‍යානය අසලදී සංවිධානය කෙරිණි. සමරිසි, සංක්‍රාන්තික සමාජභාවී, ද්වි රිසි, අන්තර් ලිංගික ප්‍රශ්නභාවී ප්‍රජාවන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ හිමිකම් සුරක්ෂිත කිරීම උදෙසා කරනු ලබන සටන් වෙනුවෙන්, ලෝකයේ මිලියනයක් ජනතාව ජුනි මාසය යොදා ගැනීම සිදු කරයි.
”මනුෂ්‍යත්වයේ ප්‍රේමණීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට කැමති මිනිසුනි, ඔවුන් වෙනුවෙන් අද අපිට කල හැකි අරගලය එක්ව කරමු” යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර සහෝදරයා විසින් මුහුණු පොතේ සමරු සටහනක් තැබූ අතර මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා ඇතුළු සහෝදර, සහෝදරියන් රැසක් සහභාගී විය.