වැඩ බිමේ තරුණ තරුණියන් ඒ්කරාශි කර ගනිමින් සමාජවාදී තරුණ සංගමය විසින් රට පුරා සංවිධානය කරනු ලබන තරුණ දින ඒකතුවක් මැයි මස 22 වන දින සිට ආරම්භ කෙරුණි.
මේක නෙමේ ජීවිතේ, ජීවිතේ දිනන අරගලයට රට පුරා තරුණ තරුණියන් ඒ්කරාශි කර ගනිමින්, හා දැනුමින් පෝෂණය කර, රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් රට අරාජිකත්වයට ගෙන යාමේ උත්සහය පරාජය කිරීමට නිවැරදි නායකත්වයෙන් හා නිවැරදි දිශානතියකින් යුතුව මග පෙන්විම අරමුණු කර ඇත.
මේ සදහා සමාජවාදී තරුණ සංගමයේ නියමුවන් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ, අනුරාධපුර, ගම්පහ, මොණරාගල, හම්බන්තොට, කුරුණෑගල හා රත්නපුර දිස්ත්‍රික්ක වල සාර්ථකව සිදු කර ඇති අතර මේ දිනවල බොහෝ ප්‍රදේශවල තවදුරටත් තරුණ දින පවත්වමින් යනු ලැබේ.