නියමිත දිනට ඡන්දය පවත් වනු! ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු!

නියමිත දිනට ඡන්දය පවත් වනු! ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු! යන මැයෙන් අද දින ඒනම් පෙබරවාරි 22 වන දින මැතිවරණ කොමිසම අසල උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් සංවිධානය කෙරිණි.

සමාජවාදී තරුණ සංගමය ප්‍රධානව, සිවිල් තරුණ ක්‍රියාකාරී සංවිධාන සහ තරුණ සමාජ ක්‍රියාකාරීන් එක්ව මෙය සංවිධානය කරනු ලැබූ අතර පොලීසිය විසින් ඒ වන විටත් එම උද්ඝෝෂණය නවතා දමන ලෙස ඉල්ලා අධිකරණ නියෝගයක් ද ලබා ගෙන, පැමිණ සිටි පිරිස විසුරුවා හැරීමට උත්සහ කරන ලදී. නමුත් පැමිණ සිටි පිරිස උද්ඝෝෂණයෙන් අනතුරුව මැතිවරණ කොමිසමට ලිපියක් ද භාර දී ක්‍රියාමාර්ගය අවසන් කලහ.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා ඇතුළු, නීතිඥ ශානිකා සිල්වා, අරගලයේ නීතිඥයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ මනෝජ් නානායක්කාර මෙම අවස්ථාවේදී අදහස් දැක්වූහ. අද දින තැපැල් ඡන්ද තැබීමට නියමිත වූ දවස වුවත් රනිල් – රාජපක්ෂ විසින් මැතිවරණය නොපැවැත් වීමට දරණ උත්සහය පරාද කරමින් මැතිවරණ කොමසාරිස් වරයාට ජනතාවගේ පැත්තේ සිට ගන්නා ලෙස මෙම පිරිස බල කර සිටියහ.