චේ විසින් සිටුවන ලද මහෝගනී ශාකය ඉදිරිපිට චේ සහෝදරයාට උපහාර පිදීම වෙනුවෙන් පැවැත් වූ චේ සමරු උළෙල අද ( ඔක් 07 ) දින හොරණ යහල කැලේ චේ උද්‍යානයේ දී පැවැත්වීය.
දිනෙන් දින වෙනස් වන ලෝකයේ අලුත් විදියට දකින්න අප්‍රමාණව කැප කිරීම් කළ සොදුරු , ආදරණීය මිනිසෙකි Che Guevara. තරුණ පරපුර වගේම ලොකු, පොඩි, බාල, මහලු කා අතරත් එක ලෙස හද දිනාගත් චේ කාලීන වශයෙන් යල් පැන නොයන අලුත්ම බ්‍රැන්ඩ් එකකි. තමාගේ මුලු ජීවිතයම අතිශය දුශ්කර ගමන් මර්ගයක රැදෙමින් මුලු මහත් පීඩිත අහින්සක මිනිසුන් වෙනුවෙන් සටන් වැදුනු අතර ඔහු අප්‍රමාණ ජවයකින් යුතු විප්ලවීය සටන් සගයකු ලෙස මුලු මහත් ඉතිහාසයේම තරුණ හදවත් ආදරයෙන් හා විප්ලවීය ගුණ සුවදෙන් පුරවාලනු ලැබුවා.
මෙම ආදරණීය මිනිසා සිහිපත් කිරීම වෙනුවෙන් මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මර්චෙලෝ සහෝදරයා, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික නලින්ද ජයතිස්ස සහෝදරයා, අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකයින් වන අංජන සම්පත් අමරසිංහ, මහේෂ් අඹේපිටිය යන සහෝදරවරු ඇතුලු සමාජවාදී තරුණ සංගමයේ සහෝදර සහෝදරියන් එක්ව සිටියහ.