රජපීල්ල උද්‍යානයේ ගස්කොළන් කපා විනාශ කර අදට දින 44ක් ගෙවුනද ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා සමාජවාදී තරුණ සංගමය විසින් අද දි පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට නිහඩ විරෝධතාවක් පැවැත්විය.මෙමෙ විරෝධය දැක්වූ ස්ථානයට පරිසර ඇමති වරයා පැමිණි අවස්ථාවේ විරෝධතා ලියවිල්ලක් එතුමට ලබාදුන අතර මේ පිලිබදව කිසිදු දෙයක් තම්න් නොදන්නා බවත්, තම විශය පථයට අයත් නොවන බවත් පවසමින් ප්‍රශ්නය මගහැර යාමට උත්සහා දැරූවද තරුණ සංගමයේ සහෝදරවරුන්ගේ විරෝධය හමුවේ මේ පිළිබඳ සොයාබලා පරීක්ෂණයක් කිරීමට පොරොන්දු විය.පොරොන්දු යනු පුහු වචන බවට පත් කරමින් වර්තමාන ජනාධිපතිවරයේ ගෙනයන පරිසරය ඩෝසර් කිරීමේ කටයුත්ත කරගෙන යන්නේ ජනතා විරෝධය නෑසුනා සේය. එහි එක් පියවරක් ලෙස සිදුකර ඇති මෙම රජපීල්ල උද්‍යාන විනාශයටද එම ඉරනම අත් වෙනවා නිසැකය. ගැමි කියමනක් තියනව පුහුලට තියපු අත ලබ්බට නොතියා ඉන්නෑ කියල. අද රජපීල්ලට තියපු අත හෙට කොස් කැලයට , බඩගමුව කැලයට , ඇතුගලට පමනක් නොව අපේ රටේ අනෙකුත් වනාන්තර වලටත් තියනවා නිසැකය. ඒ නිසාවෙන් අද වන විනාශයේ ආරම්භය නවතා දැමීම අප කාගේත් වගකීමක් වන්නේය.මෙහි දි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර , සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සංජය විශ්වනාත් , සමාජවාදී තරුණ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක නිලන්ත බංඩාර , කුරුණෑගල මහනගර සභාවේ නාගරික මංත්‍රී රනුක සනංජය සහෝදරවරුන් විසින් අදහස් දැක්විය.