මියන්මාරයේ හමුදා ආණ්ඩුවට විරෝධය

මැතිවරණයෙන් බලයට පත් වූ රජය පෙරලා දමා හමුදා කුමන්ත්රණයකින් පාලනය ‍ලබා ගත් හමුදා ජුන්ටාව පිළිගනිමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2021 වසරේ පැවැත්වීමට නියමිත BIMSTEC‍ සමුළුවට සම්බන්ධ වන ලෙස නිල වශයෙන් ආරාධනා කිරීමට එරෙහිව විරෝධය පළකරමින් මියන්මාර් ජනතා සහයෝගිතා කමිටුව අද විදේශ අමාත්යාංශය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවයට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී තරුණ සංගමයේ ජාත්යන්තර කටයුතු පිළිබඳ ලේකම් අංජන සම්පත් අමරසිංහ ඇතුළු සහෝදර සහෝදරියන් සම්බන්ධ විය.