බටහිර සහරා සහයෝගිතා ජාත්‍යන්තර තරුණ සමුළුවට SYU සම්බන්ධ වෙමින්

බස්පාඤ්ඤයේ මලගා හි නොවැම්බර් 26 සිට 28 වන දින දක්වා පැවැත්වෙන බටහිර සහරා සහයෝගීතා ජාත්‍යන්තර තරුණ සමුළුවේ දෙවන අදියරට මේ වන විට සමාජවාදී තරුණ සංගමයේ ප්‍රදීප් ලසන්ත සහ චමින්ද ජයරත්න යන සහෝදරවරු සම්බන්ධ විය. දීර්ඝකාලීන මොරොක්කොවේ බලහත්කාරී අල්ලාගැනීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ සම්පත් සූරාකෑමට යටත්ව සිටින බටහිර සහරාව නිදහස් සහ ස්වයිරී රටක් බවට පත්කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහය ලබාගැනීමේ තවත් පියවරක් ලෙස මෙම සමුළුව පැවැත්වේ. මේ සඳහා ලොව පුරා ප්‍රගතිශිලී සංවිධාන රැසක නියෝජිතයින් සහභාගී වූහ.