ගාසාවේ සිදුකරන මිලේච්ඡ ඝාතන වහා නවතනු ! පලස්තීනයට ජීවත්වීමට ඉඩ දෙනු! යන මැයෙන් පසුගිය පෙබරවාරි 6 වන දින, සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කල උද්ඝෝෂණය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කර්යාලය ඉදිරිපිට දී සිදු කෙරිණි. .
මේ සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අන්ජන සම්පත් අමරසිංහ, මෙම විරෝධයට එක් වූ අතර තරුණ සංගමයේ සමාජ ක්‍රියාකාරී සහෝදර සහෝදරියන් රැසක් මෙම උද්ඝෝෂණයට සහභාගී විය.