රට පුරා විෂ සහිත ආහාර වෙළඳපොල තුළ ඇති බවට, ශ්රී ලංකා ප්රමිති ආයතනයේ අධ්යක්ෂක ජනරාල්වරිය විසින් සිදු කළ ප්රකාශය නිසා ජනතාව අතර බරපතල අවිශ්වාසයක් ඇති වි තිබේ. එම නිසා මේ පිළිබ්ඳව වත්මන් ආණ්ඩුව විසින් වහා රටට ඇත්ත හෙළිකළ යුතු බවට බල කරමින් සමාජවාදී තරුණ සංගමය විසින් අද (09) දින ‘වස කනවද? එරෙහි වෙනවද?“ නමින් විරෝධතාවයක් ශ්රී ලංකා ප්රමිති ආයතනය ඉදිරිපිට දී සිදුකරන ලදි. එහි දී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර , ජාතික කමිටු සාමාජික අංජන සම්පත් අමරසිංහ යන අය විසින් අදහස් පලකළ අතර තරුණ සංගමයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සභභාගි විය…