විෂ පොල්තෙල්වලට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොල් තෙල් වල විතරක් නොව තවත් බොහෝ ආහාරවල විෂ සහිත ආහාර ඇති බවටත් ඒවාට එරෙහි ක්‍රියාමාර්ග ගත්තොත් ඊට අදාල ආයතන වැසීයන බවත් යනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් ආන්දොලනාත්මක ප්‍රකාශයක් කළේය. ඒ පිළිබඳව සමාජවාදී තරුණ සංගමය විසින් අද දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර , ජාතික කමිටු සාමාජික අංජන සම්පත් අමරසිංහ සහ ශෂි පියුෂාන් සහෝදරවරුන් සහභා විය.